සියයට 18 වැට් බද්ද හේතුවෙන් ආනයනික බිත්තරයක මිලද රුපියල් 8කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 35ක්ව පැවති ආනයනික බිත්තරයක මිල රුපියල් 43ක් වේ.
ජනවාරි මාසයට අවශ්‍ය බිත්තර තොග පසුගිය 10 වැනිදා මෙරටට ලැබීමට නියමිතව තිබුණද එහි ඇති වූ ප්‍රමාදයත් සමග බිත්තර හිඟයක් වෙළෙඳපොළේ ඇති විය.
මේ අතර වැට් බද්ද ඉහළ යාම නිසා ලංකා සතොස විසින් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර මිල ඉහළ දැමීමත් සමග කුකුළු ගොවිපොළ හිමියන්ද බිත්තරයක තොග මිල රුපියල් තුනකින් ඉහළ දමා ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.
ආනයනික බිත්තර මිල ඉහළ දැමීමත් සමග කුකුළු ගොවිපොළ හිමියන් ද බිත්තරයක තොග මිල රුපියල් 3 කින් වැඩිකර ඇත. ඒ අනුව රුපියල් 48-49 ට පසුගිය දිනවල අලෙවි කරන ලද බිත්තරයක සිල්ලර මිල මේ වන විට රුපියල් 52 ක් දක්වා වැඩි වී ඇත.
බිත්තර සිල්ලර වෙළෙඳුන් කියා සිටින්නේ කුකුළු ගොවිපොළ හිමියන් අසාධාරණ ලෙස බිත්තර තොග මිල ගණන් ඉහළ දැමීමට විරුද්ධව රජය කඩිනමින් යම් පියවරක් ගතයුතු බවය.