වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑම් එකක මිල අද (17) රු. 3,000කට ආසන්න වී ඇතැයි වාර්තා වෙයි.
නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු චින්තක ප්‍රසාද් කරුණාරත්න සඳහන් කළේ, අද කැරට් කිලෝග්‍රෑම් එකක තොග මිල රු. 2780ක් ලෙස සටහන් වී ඇති බව ය.
එමෙන් ම, කැරට් කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල රු. 2800ක් ලෙස සටහන් වී ඇතැයි ඔහු පැවසීය.
ඊට අමතරව, බෝංචි කිලෝග්‍රෑම් එකක සිල්ලර මිල 1,400ක් ලෙස ද බීට්රූට් කිලෝග්‍රෑම් එකක මිල 1200ක් ලෙස ද ගෝවා ගෙඩි මිල රු. 1000ක් ලෙස ද අමු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1600ක් ලෙස ද මාළු මිරිස් කිලෝග්‍රෑම් එකක මිල රු. 1200ක් ලෙස ද සටහන් වී ඇති බව ය.