භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ඒ අනුව එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.
මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන් විය.
දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ පනත උල්ලංඝනය කරමින් ලබාදී ඇතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
දුමින්ද සිල්වාට ජනපති සමාව ලබාදීමෙන් අගතියට පත් පාර්ශවය ගොනුකර තිබූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලූහ.