2024 මැතිවරණ වසරක් යැයි ඇතැමුන් පැවසුවත් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් හෝ පවත්වන්නේ ආණ්ඩුව සියයට සීයක්ම සාර්ථක වූ පසුව බව පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි.
අවාසි සහගත තත්ත්වයක් තුළ ආණ්ඩුව මැතිවරණයකට නොයන බව ද හෙතෙම ජාඇල පිහිටි ඔහුගේ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
“ඊළඟ, ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් තියනවා නම් මේ රටට නිසි ආර්ථික අඩිතාලමක් දාලා තමයි අපි ඒ මැතිවරණයට යන්නේ.
නැතිව මෝඩ කමට අපිට අවාසිදායක තත්වයක් තියෙද්දී මැතිවරණයකට යන්නේ නෑ. අපිට වාසි දායක තත්ත්වයක් රට තුළ 100% ක් ඇති කරලා තමයි මැතිවරණයකට යන්නේ.
ජනතාවට කියන්න කතා කරලා කියන්න පුළුවන් වැඩපිළිවෙළක් සමග අපි ඉදිරියේදී ජනතාව අතරට යනවා. එය සන්ධාන ගතව සිදු වෙන්න පුළුවන්.”