පාතාළය අවසන් සටනට බසී..! පොලිස් නිලධාරියෙකු මරා දමයි…!

December 31, 2023 at 9:55 am | by emanisa.lk

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තවත් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් නිලධාරීන් බව වාර්තා වෙයි.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීමක් සිදුව ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස පොලීසිය හඹා ගොස් වෙඩි තබා ඇත.

එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *