ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන බිත්තර 30 බැගින් පාරිභෝගිකයන්ට නිකුත් කිරීමට සතොස තීරණය කර තිබේ.
ඒ, දේශීය බිත්තරයක මිල අසීමිත ලෙස ඉහළ යාම හේතුවෙන් ආනයනික බිත්තර සඳහා දැඩි ඉල්ලුමක් පවතින හෙයිනි.
දිනකට සතොසට බිත්තර ලක්ෂ 10ක් නිකුත් කරන අතර ඒවා මිලදී ගැනීම සඳහා සතොස ශාඛා ඉදිරිපිට පාරිභෝගිකයෝ පෝලිම් ගැසී සිටිති.
මේ අතර බිත්තරයක් රු. 35ට අලෙවි කරන අතර දේශීය බිත්තරයක් රුපියල් 60කට පමණ මිල දී ගත හැකිය.