ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ රාජ්ය බලය සහ ආණ්ඩු බලය ඉලක්ක කරගෙන යැයි කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
දේශපාලන නායකත්වයක් රටට ලබා දීම සඳහා වූ යාන්ත්රණය මේ වන විට ගොඩනගමින් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
පැවැති දේශපාලන යාන්ත්රණය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇති අතර සිය පක්ෂය හැර වෙනත් කිසිවෙකුට නැවත දේශපාලන යාන්ත්රණයක් ඇති කළ නොහැකි බවත් කේ.ඩී. ලාල්කාන්ත ප්රකාශ කළේය.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය පක්ෂය මේ වන විටත් වැඩ ආරම්භ කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.