අලි පොහොට්ටු මාලිමා කල්ලි ඡන්දෙට බය වෙලා…! බය නැත්තේ අපි විතරයි…! – සජබ…

February 11, 2023 at 9:01 am | by emanisa.lk

අලි පොහොට්ටු ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණට බිය වී පසු බසිමින් සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කරද්දී ආණ්ඩුව මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙනුවෙන් ක්‍රියා නොකළ බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ අහස් මාලිගා කඩා වැටී ඔවුන්ගේ තරම තේරුම් යන බැවින් ඔවුන් මෙසේ මැතිවරණ මග හැරීමට හේතු වී ඇතැයි ද ඊයේ (10) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ අධිකරණයට ගොස් මැතිවරණය දිනා ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් රංජිිත් මද්දුමබණ්ඩාර කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *