රනිල් වික්‍රමසිංහ යනු බියගුළු, කොන්ද පණ නැති ජනාධිපතිවරයෙකු බව මුළු රටම දැනගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයා සිය අදහස්වලට සවන් නොදී නැගිට ගිය බවට ද ඔහු චෝදනා කළේය.
ජනාධිපතිවරයා ආරක්ෂා කරන්නේ ලුම්පන් දනපති සමාජයේ කෝටිපතියන් බවට සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී මේ රටේ දුප්පත් ජනතාවගේ අර්ථ සාධකයට පික්පොකට් ගැසුවේ ඒ නිසා බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුව අමතමිනි.