ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ඉදිරිපත් කළ අයවැයෙන් බහුතර ජනතාව සතුටට පත්ව ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්යක්ෂ ජනරාල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසයි.
“ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නැරඹූ සහ සවන් දුන් ජනතාව පැවැසුවේ 2024 ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවයි. තවමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කරමින් සිටින ජී. එල්. පීරිස් මහාචාර්යවරයා එදා සිට මේ දක්වා ජනතාවගේ දියුණුවට දුන් සහන මොනවාද?
මෙවර අයවැය ඉදිරිපත් කරමින් රජයේ සේවක සේවිකාවන්ට සහ විශ්‍රාමිකයන්ට සහනදීමෙන් සතුටට පත් ඇතැම් ප්‍රදේශවල ජනතාව රබන් ගසමින්, ප්‍රීතිඝෝෂා පවත්වමින් කටයුතු කළ ආකාරය මාධ්‍යවල වාර්තා වුණා.
මෙවර අයවැය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකිව ක්‍රිකට් ප්‍රශ්නයෙන් ගොඩ යෑමට ගත් උත්සාහ ව්‍යර්ථව ගියා. 2024 ජනාධිපතිවරණයකුත් 2025 මහ මැතිවරණයකුත් පවත්වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පළාත් සභා මැතිවරණය ද තමන්ගේ අනුමැතියෙන් පවත්වන බව කියා සිටියා.
රජයේ සේවකයන්ට රුපියල් 10,000ක සහනාධාරය 2024 අප්‍රේල් මාසයේ සිට දෙනවා. විශ්‍රාමිකයන්ට, වකුගඩු රෝගීන්ට, ආබාධිත දරු දැරියන්, බාල තරුණ වැඩිහිටියන්, වතුකරයේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට සහ අනෙකුත් ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් දීමට පියවර ගන්නවා.”
ඔහු මේ බව පැවසුවේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව මෙහෙයවීමෙන් පැවති මාධ්‍ය හමුවකදී ය.