මේ රටේ කෘතගුණ දත් බහුතර ජනතාව රටට වැඩක් කළ එකම නායකයා මහින්ද රාජපක්ෂ බව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පවසයි.
එසේ නොවන සමාජය ගැන වෛරයෙන් කටයුතු කරන සිය දෙමාපියන්ටවත් නොසලකන සුළුතරයක් ද සිටින බවයි, ඔහු සඳහන් කළේ.
2019 වසරේ අවාසනාවට ගෝඨාභය රාජපක්ෂ දින වූ බවත් අනතුරුව කාබනික වගාව ඔහු කරතබා ගත් බවත් රෝහිත අබේගුණවර්ධන ප්රකාශ කළේය.
69 ලක්ෂයක ජන වරමකින් පත් කළ ජනාධිපතිවරයා රැට්ටලා පැට්ටලා ඇතුළු ලක්ෂයකට බිය වී ගෙදර ගිය බවයි, ඔහු සඳහන් කළේ.
වත්මන් ජනාධිපතිවරයා සේ එම පිරිසට දෙකේ දෙකේ පොලුවලින් පහර දී රටේ නීතිය බලාත්මක කරමින් එළවා දැමුවේ නම් එවැනි තත්ත්වයක් ඇති නොවන බව ද රෝහිත අබේගුණවර්ධන ප්රකාශ කළේය.