69 ලක්ෂයක් ජනතාව ඡන්දේ දුන්නේ ටේප් අරන් පොළේ යන්නද? – සජිත්

September 26, 2020 at 10:45 pm | by emanisa.lk

පොල් ගෙඩියේ මිම්ම බලා මිල නියම කරන නිසා ටේප් පටිය රැගෙන අද පොළේ යාමට සිදුව ඇතැයි විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයක් ජනතාව ද මහා මැතිවරණයේ දී 2/3කට ආසන්න බලයක් ද ආණ්ඩුවට ලබා දුන්නේත් ටේප් පටියක් අරගෙන ජනතාව පොළේ යන්න දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිවෙකු ආණ්ඩුවට නොයන බවත් සිය ජන්මය පාවා දීමේ ගතිය ඔවුන්ට නොමැති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

20 වන සංශෝධනයට තමා විරුද්ධ බවත් ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද රටට වැඩ කිරීමට බලය ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද (26) අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *