අයවැයේ දී පොහොට්ටුව තීරණයක් ගන්නවා…! – නාමල්…

October 25, 2023 at 5:48 pm | by emanisa.lk

සභාග දේශපාලනය පිළිබඳව ජනාධිපතිවරයාට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත්, ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගැටලු විසඳාගත නොහැකි බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කර පක්ෂ අතර සාමය පවත්වා ගැනීමට ජනාධිපතිවරයා දැනගත යුතු බව ද ඔහු පවසයි. එමෙන්ම යහපාලන ආණ්ඩුව සමයේ නායකයන් දෙදෙනාම පැති දෙකකට ගිය අතර, එහි ප්‍රතිඵලය වූයේ රට අස්ථාවරභාවයට පත්වීම බව හෙතෙම පෙන්වාදෙයි.

ඉදිරි තීරණ ගැනීමේදී සහ සභාග දේශපාලනයේ නියැලීමේදී ජනාධිපතිවරයා සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු යැයි තමා විශ්වාස කරන බව ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කළේ, ඉදිරියේ දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන අයවැය මත පක්ෂයක් ලෙස තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවයි.

අද (25) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *