ශ්රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් තමන්ට හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී එස්. බී. දිසානායක පවසයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇති බවත් අයවැය පරාජය කිරීමට ද හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය. එහෙත් එවැනි දේ කිරීමට මේ අවස්ථාවේදී කටයුතු නොකරන බව ද ඔහු කීවේය.
ඇමතිවරුන් ඉවත් කළොත් ශ්රී ලංකා පොදුජන පෙරමුණට කළ හැකි ගොඩක් දේවල් ඇතැයිද එස්.බී. දිසානායක වැඩි දුරටත් ප්රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ පෞද්ගලික විද්යුත් නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමිනි.