පොලිසියේ වීර ක්‍රියාව ඉදිරියේ මානව හිමිකම් කොමිසමේ හැසිරීම ලැජ්ජා සහගතයි..!

October 24, 2023 at 11:38 am | by emanisa.lk

අරගලය අවස්ථාවේ දී රඹුක්කන ප්‍රදේශයේ තෙල් බවුසර් දෙකකට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසට වෙඩි තබා ජනතාවගේ ජීවිත බේරා බේරා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට ප්‍රශංසාව පුද කළ යුතුව තිබූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

එසේ කරනු වෙනුවට ඔවුනට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීම ලජ්ජා සහගත බවයි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව පෙන්වා දෙන්නේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට ලිපියක් යොමු කරමින් එම කාරක සභාව මෙය දැනුම්දී ඇත. ආචාර්ය සරත් වීරසේකර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *