ජනාධිපති ලෝකේ වටේ රස්තියාදු ගැහුවට ඩොලර් එකකවත් ණය කපලා නෑ…! – විජිත හේරත්..

October 19, 2023 at 4:29 pm | by emanisa.lk

ජනාධිපතිවරයා ලෝකය පුරා රස්තියාදු ගැහුව ද රටේ විදේශ ණය එක ඩොලරයක්වත් තවම කපා ගැනීමට සමත්ව නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං සමග පොටෝ එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බව කී මන්ත්‍රීවරයා, අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැතැයි ද කීය.

මීට වසරකට කලින් ජනතාව ජීවත් වූ විදිය සහ අද වියදම තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙන බව කී විජිත හේරත්, රජයේ මෙන්ම පෞද්ගලික අංශ සේවකයන්ගේ ආදායම ශත පහකින්වත් වැඩි වී නැතැයි ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *