ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තරය තුළ ඉතා හොදින් කටයුතු කරන බව කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ සංඝරක්ඛිත හිමි පවසයි.
හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගියදා (29) කැලණිය රජමහා විහාරයේ ආගමික වතාවත්වලට එකතු වී එම විහාරාධිපති හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසුහ.
“රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා. ජාත්‍යන්තරයට ගියාම හොඳට ෆේස්කරනවා. IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත්) බැන්නා. ජාත්‍යන්තරයට ගැළපෙන්න හොඳට කතා කරනවා. එයාට ඒක හොඳට පුළුවන්” යැයි උන්වහන්සේ පැවසූහ.