සිවුර ඇතුළේ සිටින පුද්ගලයාට ද ලිංගිකත්වය අවශ්‍ය බව කාව්‍ය විශාරද පූජ්‍ය හිනිදුම සරණසිරි හිමි පවසයි.
මෙලොව සියලු සත්ත්වයන්ට ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බව සරණසිරි පෙන්වා දෙයි.
එහෙත් වරද ඇත්තේ ලිංගිකත්ව පාඩම නිවැරදි ලෙස සමාජයට උගන්වා නොතිබීම බව ද විද්‍යාව ඉගෙන ගන්නා දරුවන්ට හැර අනෙක් අයට එය උගන්වන්නේ නැති බව ද එහිමි කියා සිටී.
ඉදිරියේ දී තමන්ට සිවුර හැර විවාහ වීමට කිසිදු බාධාවක් නැතැයි ද එහිමි ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී සරණසිරි මෙම අදහස් පළ කර තිබේ.