ජනාධිපති එජාපයෙන් ද අගමැති මහජන එක්සත් පෙරමුණෙන් ද පාර්ලිමේන්තුවේ බහුතරය පොහොට්ටුවෙන් ද බැවින් ආණ්ඩුව පෘට් සැලඩ් එකක් වගේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.
පොහොට්ටුවේ ඉල්ලීම්වලට එකඟ නොවී ආණ්ඩුව කළ නොහැකි බවත් ආණ්ඩුවේ හොඳ වැඩවලට සහය දෙමින් ලෝකයටම ආදර්ශයක් දෙන බවත් හෙතෙම කීය.
දේශපාලනඥයින්ට මැරෙන තුරු බණින බවත් හොඳ ඇසීමට සිදුවන්නේ මිය ගිය පසු බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ වැඩි දුරටත් කීය.