සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම කිසිවෙකු බලයට පත්කිරීමේ උවමනාවෙන් මරාගෙන මැරුණේ යැයි තමන් විශ්වාස නොකරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, සහරාන් හෂීම් පත්වා පනවා තමන් ද මරා දැමීම සඳහා තීන්දු කර තිබූ බවත් අන්තවාදී උන්මාදයකින් ඔවුන් කටයුතු කළ බවත්ය.
කෙසේ වුව ද මෙම ප්රහාරය වළක්වා ගැනීමට නිසි බර දෙමින් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කළේ දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම කීය.
අන්තවාදී සංවිධාන කිහිපයක තහනම ඉවත් කරමින් මෙම ආණ්ඩුව ඉතා ම වැරදි තීන්දුවක් ගෙන ඇති බවත් එහි ප්රතිඵලයක් ලෙස පසුගියදා වැලිගම දී මුස්ලිම් ආගමික කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ඇති බවත් පාඨලී චම්පික සඳහන් කළේය.