පසුගිය අරගල සමයේ අරගලකරුවන් විසින් විනාශ කළ මන්ත්රී නිවාස සඳහා රජයෙන් රු. මිලියන 1414ක් ගෙවීමට තීරණය කර තිබේ.
ඉන් මිලියන 714ක් මන්ත්රීවරුන් 31 දෙනෙකු සඳහා දැනටමත් ගෙවා අවසන් බව වාර්තා වෙයි.
තවත් මන්ත්රීවරුන් 13 දෙනෙකු සඳහා ද හානිපූර්ණ වන්දි ගෙවීමට තීරණය කර ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 700කි.
ස්වදේශ කටයුතු අමාත්යංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය මෙම කටයුතු සිදු කරන අතර අතිරේඛ ප්රතිපාදන ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.