දේපළ විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කිරීම මර්දනයක්…! ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි…! – නිර්මාල්…

May 16, 2022 at 12:03 pm | by emanisa.lk

සාමූහික දේශපාලන ක්‍රියා සම්බන්ධව මම පුද්ගලිකව නිර්දේශ කරන ක්‍රමය පූර්ණ හා කොන්දේසි විරහිත අවිහිංසාවාදයයි.
මැයි 9 පහර දීමේ දී මැරයින් පැමණෙන විට මට නං එතන තීරණ ගැනීමේ බලය තිබුනෙ මම කරන්නෙ කොන්දේසි විරහිතව පසු බැසීම.

එසේ නැතහොත් ප්‍රති ප්‍රහාර නොදී වාඩිවී සාමකාමී සත්‍යග්‍රහයක නිරත වීම වැනි අවිහිංසාවාදී ක්‍රියාවකි. මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ මාතර. මම ඒ වෙලාවෙ විදර්ශන කන්නංගරට කතා කරල දිගටම කිව්ව හැකියාක් තියෙනවනම් වහාම ගෝල්ෆේස් පරිශ්‍රෙයන් ඉවත් වෙන්න කියල හැමෝටම කියන්න කියල. ඒ වෙලාවෙ එහෙම කරන්න විදර්ශනට හැකියාවක් තිබුනෙ නැහැ. මම තවමත් ඉන්නෙ ඒ ස්ථාවරයෙ.

නමුත් ලෝකයේ අරගල වෙන්නෙ මට ඕනැ විදිහට නෙවෙයි. සාමූහික දේශපාලන ක්‍රියා ප්‍රචණ්ඩ වීම නිතර සිදුවන දෙයක්. මැයි 9 ප්‍රචණ්ඩ වුනේ පැහැදිළිවම අරලිය ගහ මන්දිරයෙන් පැමිණි ප්‍රහාරය නිසා. ඒක තමයි මූලික හේතුව. ඒ ප්‍රහාරය නොවුණා නම් කිසිසේත්ම ඉන්පසුව රට පුරා පැතිරුණු ප්‍රචණ්ඩත්වය ඇති වෙන්නෙ නැහැ.

මේ නිසා අරලිය ගහ මන්දිරයෙන් පැමිණි ප්‍රහාරකයින් මෙහෙයවූ පිරිස් වලට නීතිය ක්‍රියාත්මක කිරීම නොතකා හැර ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු මහ ජනයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය යුතුය.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *