ජනපති තරඟයෙන් පොහොට්ටුව ⁣බෙදෙයි..! මහ ලේකම් රනිල්ට..සභාපති ඩලස්ට..!

July 15, 2022 at 9:41 pm | by emanisa.lk

අලුත් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා එළැඹෙන 20 වන දා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහට සහාය දෙන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබිණි.

අරගලය හේතුවෙන් මන්ත්‍රීවරයෙකු අහිමි වූ බවත්, තවත් ජීවිත හා දේපළ විනාශනයක් රැසක් සිදුව ඇති බවත් පවසා සිටි පොහොට්ටු පක්ෂය, එබැවින් නීතිය ස්ථාපිත කළ යුතුව ඇති බවත්, ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේ දී තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ ය.

එම නිවේදනයත් සමඟ, පොහොට්ටු පක්ෂයේ සහාය ඔහුට හිමි වන බව මහාචාර්ය ජී.එල්.පීරිස්  පවසා තිබේ.

ජනාධිපති ධූරය සඳහා පක්ෂයේ සාමාජිකයෙකු ඉදිරිපත්ව ඇති බැවින්, පිටස්තරයෙකුට ඡන්දය දීමෙන් වළකින බව ඔහු පවසා තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *