ජාතික ජන බලවේගය යනුවෙන් එකක් නොමැති බවත් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
එම පක්ෂයේ ප්‍රතිපත්තිය මාක්ස් ලෙනින් අනුරවාදය බවත් එම වාදයෙන් හැදූ රටක් ලොව නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.
කියුබාව අද හිඟමනට වැටී ඇති බවත් විප්ලව නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ දුව ද රටින් පළා ගොස් ඇති බවත් පාඨලී පෙන්වා දෙයි.
චීනයේ හෝ වියට්නාමයේ ඇත්තේ තනි කොමියුනිස්ට් පක්ෂයක් පමණක් බවත් සෙසු පක්ෂවලට කිසිදු ඉඩක් නොමැති බවත් පවසන මන්ත්‍රීවරයා, මාලිමාවට ඡන්දය ලබා දී ජයග්‍රහණය කළහොත් නැවත මේ රටේ ඡන්ද නොමැති බවත් අවධාරණය කරයි.