සජිත්ට අපෙන්නම් මරණ තර්ජන නෑ…! මම හරක් මස් කන්නෙත් නෑ..! – රංගෙබණ්ඩාර…

September 5, 2023 at 12:37 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් තව කිසිවෙකු සිරිසඟබෝ කොට බිල්ලට දී සජිත් ප්‍රේමදාස පළා යන බව එජාප මහ ලේකම් පාලිත රංගෙබණ්ඩාර පවසයි.

එජාපයේ නායකත්වය ගැනීමට උත්සාහ කොට අවසානයේ කරූ ජයසූරිය බිල්ලට දී සජිත් ප්‍රේමදාස පළා ගිය බව ද හෙතෙම පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වන බව ප්‍රකාශ කොට අවසානයේ ඩලස් අලහප්පෙරුම ඉදිරියට දමා ඉවත්ව ගිය බවයි, රංගෙබණ්ඩාර සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාසට එල්ල වන මරණ තර්ජන සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ඔහු ප්‍රකාශ කළේ, තමන් හරක් මස් නොකන බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට එකතු වෙමින් මහ ලේකම්වරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *