සුරේෂ් සාලෙගෙන් රොහාන් සිල්වා පියනමට එන්තරවාසී…!

August 31, 2023 at 9:19 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජීය හා සාමයික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා පසුගියදා කරන ලද ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් ඔහුට එන්තරවාසියක් යොමුකර තිබේ.

සුරේෂ් සලේ සිය එන්තරවාසියෙන් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමා තමන්ට එල්ල කළ චෝදනා පදනම් විරහිත මෙන්ම තැතිගන්වනසුළු බවත් තමන් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය.

අදාළ බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමන් මුණගැසී ඇති බවට සහ මොහොමඩ් සහරාන්ට හෝ ඔහුගේ අනුගාමිකයකුට හෝ සංවිධානයකට හෝ මූල්‍ය ආධාර හෝ සහාය දුන් බවට කියැවෙන සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව පවසන සුරේෂ් සලේ, රොහාන් සිල්වා පියතුමා සඳහන් කරන කාලසීමාවෙහි තමන් සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරත වෙමින් බව ද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව තමන්ට සිදුවූ අපහාසයට රුපියල් කෝටි 05ක වන්දියක් ගෙවන ලෙස සලේ සිය එන්තරවාසියෙන් රොහාන් සිල්වා පියතුමාට දැනුම් දී ඇති අතර එම වන්දිය නොගෙවන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *