ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
2022 මාර්තු සිට මැයි 09 දක්වා කාලය තුළ රටේ සිදු වූ සිදුවීම් සහ මැති-ඇමතිවරුන්ගේ නිවාස ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි සහ කඩිනම් නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා කිහිපයක් ශවේන්ද්‍ර සිල්වාට එල්ල වී තිබේ.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සභාපතිත්වය දරන හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් මේ පිළිබඳ විමර්ශනයක් පවත්වා එහි වාර්තාව නීතිපතිවරයා වෙත බාරදී තිබේ.
නීතිපතිවරයා විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස පොලිසියට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුවය. එම විමර්ශන කමිටු වාර්තාව මගින් එවකට යුද හමුදපති ධූරය දැරූ ශවේන්ද්‍ර සිල්වා වගකිවයුත්තෙකු බවට පත්කර ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය.