ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධියෙන් හමුදාපති ශවේන්ද්‍ර නිදහස්…!

December 9, 2022 at 4:59 pm | by emanisa.lk

ගාලු මුවදොර පැවැති “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පසුගිය මැයි 09 වෙනිදා පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කළ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටි අතර ඔහු නඩු කටයුතුවලින් මුදාහැරීමට ද නියම කෙරුණි.

ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *