මුළු ලෝකය ම දිනාගත් මට යළි ජනාධිපතිකම් කිරීමේ අපහසුවක් නෑ..! – මෛත්‍රී…

August 29, 2023 at 12:19 pm | by emanisa.lk

තමාට යළි ජනපති ධූරය දැරීමේ කිසිදු අපහසුවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

“කිසිම දේශපාලන පක්ෂයක කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන අය දැන් නෑ. අද ව්‍යාපාරිකයෝ සතුටින් නෑ. රාජ්‍ය සේවකයා සතුටින් නෑ. ධීවරයෝ සතුටින් නෑ. සාමාන්‍ය පුරවැසියා සතුටින් නෑ. පාසල් ගත්තහම මත්කුඩු, මත්ද්‍රව්‍ය, අයිස් පිළිබඳ ප්‍රශ්න ඉතාම උග්‍රයි.

මේවා මර්දනය කිරීම සහ අනෙක් ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් මීට වඩා කාර්යක්ෂම වැඩිපිළිවෙළක අවශ්‍යතාව අපි දකිනවා. ඒක අපිට කරන්න පුළුවන්. අපි පක්ෂයක් විදියට අපිට ඒවට විසඳුම් තියෙනවා.

මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකය ම දිනාගත්ත කාලය කියලා මම ඉතා ම පැහැදිලිව කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *