මාස හයක් ඇතුළත පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම මර්දනය කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
මේ සඳහා විශේෂ කාර්ය සාධක බලකායේ සහාය ලබාගන්නා බව ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.
මෑත කාලීනව රට තුළ ඝාතන සහ මංකොල්ලකෑම් ඉහළ යමින් පවතින අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා සිදු කර තිබෙන මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය හතලිහකට ආසන්නය.
පාතාල ක්‍රියාකාරකම් මර්දනය සදහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා විසින්, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.
මෙම කමිටුවට, උතුරු පලාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ඇතුළත් ය.