රුසියාවේ වැග්නර් නායක යෙව්ග්නි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැග්නර් නායකයා ඇතුළු දස දෙනෙකු පෞද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටිය දී එය හදිසියේ කඩා වැටී ඇතැයි රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ වැග්නර් නායකයා සමග ඔහුගේ අණදෙන නිලධාරි දිමිත්‍රි උට්කින් ද සිට ඇති බව සඳහන්ය.
මේ වන විට මිය ගිය පිරිස අතරින්අට දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව වාර්තා වෙයි.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහාය ලබාගැනීම සඳහා කුලී හේවා බලකායක් ලෙස වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කළ අතර එහි නායකත්වය යෙව්ග්නි ප්‍රිගොෂින් විසින් දරනු ලැබීය.
ි
කෙසේ වෙතත් පසුව ඔහු විසින් රුසියානු හමුදා සිය විශ්වාසය කඩ කළ බව පවසමින්, රුසියානු පාලනය යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය කිරීමට ද එම කුලී හේවායින් මෙහෙයවා තිබණි.