ජුලි මස උද්ධමනය 4.6% බසී…! ආහාර උද්ධමනය ඍණ වෙයි..!

August 21, 2023 at 4:05 pm | by emanisa.lk

2023 ජුනි මස දී 10.8 %ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජුලි මාසය සඳහා 4.6%ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2023 ජුනි මාසයේ දී 2.5 %ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජුලි මාසය සඳහා -2.5 %ක් දක්වා පහත වැටී ඇත.

එමෙන්ම, ජුනි මාසයේ දී 18.3%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජුලි මාසයේ දී 10.9%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *