ඇමරිකාවේ භාණ්ඩ මිල අහස උසට…! වසර 30කට පසු ඉහළ ම උද්ධමනය ඔක්තෝබර්…!

November 13, 2021 at 5:00 pm | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වය නිසා භාණ්ඩ සැපයුම් සීමා වීම සහ ඉල්ලුම ඉහළ යාම නිසා ඇමරිකානු භාණ්ඩ මිල වේගයෙන් ඉහළ ගොස් ඇති අතර වසර තිහකට පසු වැඩි ම උද්ධමනය මෙම ඔක්තෝබර් මස වාර්තා කරනු ඇතැයි වාර්තා වෙයි.

පාරිභෝගිකයින්ට භාණ්ඩ හා සේවා මිලයට ගැනීම සඳහා කෙතරම් වැඩි පුර මුදලක් ගෙවීමට සිදු වී ඇති දැයි එරට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරියේ දී අනාවරණය කරනු ඇත.

මෙම මිල ඉහළ යාම නිසා රටේ උද්ධමනය 1990ට පසු ඉහළ ම අගය වාර්තා කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඔක්තෝබර් මස උද්ධමනය 6.2%ක් වනු ඇතැයි පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *