ආහාර මිල උද්ධමනය 10%කින් පහළට…! අප්‍රේල් 30.6%යි… මැයි 21.5%යි…!

May 31, 2023 at 8:10 pm | by emanisa.lk

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමකි.

මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27.0 ක් වන අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.6 ක පහළ යාමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *