අර්බුදය නරක අතට..! උද්ධමනය ඉහළට..! ආහාර සුරක්ෂිතතාව පහළට..!

August 31, 2022 at 9:43 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් දරුණු අතට හැරෙමින් පවතින බවත් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මස සියයට 58.9ක් වූ උද්ධමනය ජූලි මස සියයට 66.7 ක් දක්වා වැඩි වී ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දෙයි.

ඉහළ යන උද්ධමනය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවට තව තවත් බලපෑම් එල්ල විය හැකි බව එම වාර්තාවේ දැක්වේ.

දැනටමත් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතභවින් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ. මෙම ගැටලුවට ඉක්මන් මැදිහත්වීමක් සිදු නොවූහොත් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන ගණන තව තවත් ඉහළ යා හැකි බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි පවුල්වල ආහාරසුරක්ෂිතතාව, පෝෂණය, ජීවනෝපාය සහ ණය පිළිබඳ දුරකථන මාර්ගයෙන් අඛණ්ඩව සමීක්ෂණ සිදුකරන බව ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

ජුලි මස සිට දෙසැම්බර් දක්වා ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට අවශ්‍ය ඇමෙරිකා එකසත් ජනපද ඩොලර් මිලියන 63 ක මුදලින් සියයට 34 ක ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ලැබී තිබෙන බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 42 ක ප්‍රමාණයක් අවශ්‍ය බවත් ලෝක ආහාර වැඩසටහන එම වාර්තාව මගින් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *