මෝල් හිමියෝ හාල් මිල උස්සන්න සූදානම්…!

August 19, 2023 at 8:23 am | by emanisa.lk

මහා පරිමාණ වී මෝල් හිමියන් වී තොග සඟවා සහල් මිල ඉහළ දැමීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.

ඉන්දියාව සහල් අපනයනය නතර කිරීමත්, මෙරට පවතින වියළි කාලගුණික තත්ත්වය සහ යල කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩුවීමත් සමගම අදාළ තීන්දුව ගෙන තිබේ.

රජයේ කෘෂිකර්ම අංශ තමන් සතු වී සහ සහල් තොග සම්බන්ධව මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගෙන් විමසීමක් කර ඇතත් එම තොග සම්බන්ධව කිසිදු තොරතුරක් ලබා දී නැතැයි අනාවරණය වේ.

එමෙන්ම, වියළි කාලගුණික තත්ත්වය බරපතළ වේයැයි බියෙන් ගොවීන් වී තොග අලෙවි නොකර සිය නිවාසවල ගබඩා කරගෙන සිටින බව ද අනාවරණය වේ. රජයේ වී අලෙවි මණ්ඩලය සතුව ඇත්තේ වී කිලෝ ලක්ෂ 02ක් පමණ වුව ද ඉදිරි මාස 10ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වී තොග ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස අමරසිංහ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *