බොලිවුඩය ජයගත් යොහානි හොලිවුඩයට..! ඇමරිකානු ටයිම්ස් චතුරස්‍රය රුවින් සැරසේ..!

August 13, 2023 at 6:05 pm | by emanisa.lk

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ජාත්‍යන්තර ඇගැයීම් ලැබූ ශ්‍රී ලාංකේය ගායිකා යොහානි ද සිල්වාගේ ඡායාරූපයක් මෙම දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි ටයිම්ස් චතුරශ්‍රයේ ප්‍රදර්ශනය වෙයි.

සුප්‍රසිද්ධ Spotify ආයතනය මඟින් හඳුන්වා දී ඇති South Asian Heritage Month නම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ ඇය මෙම දැන්වීම සඳහා තෝරා ගෙන තිබේ.

ඒ පිළිබඳ යොහානි ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මෙසේ පවසා තිබිණි. “ශ්‍රී ලාංකේය උරුමය සහ සංස්කෘතිය සහ සංගීතය ලොව පුරා නියෝජනය කිරීමට ලැබීම ගැන මට ආඩම්බරයි! එක්සත් ජනපදය සමඟ මගේ සංගීතය බෙදා ගැනීමට මෙම අපූරු අවස්ථාව සලසා දුන්නාට ස්තූතියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *