යොහානිට මව්බිමෙන් ඉහළ ම ගෞරව…! රාජ්‍ය සම්මානයෙන් පිදේ…!

October 4, 2021 at 3:53 pm | by emanisa.lk

ලොව පුරා ජනප්‍රිය වී සිටි නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ඉදිරියේ දී රාජ්‍ය සම්මානයක් ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.

ඉදිරියේ දී එම කටයුතු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිනියක් ලෙස යොහානි කටයුතු කළ බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ‍ඈට රජයේ ශුභාශිංසන පිරිනමන බව ද ප්‍රකාශ කළේ ය.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී නැගු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *