යොහානිගේ මැණික මගේ හිතේ Youtube කළඹයි…! ගීතය නැරඹූ පිරිස කෝටි 06ට ආසන්න වෙයි…!

August 23, 2021 at 5:54 pm | by emanisa.lk

නව පරපුරේ ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය යූටියුබ්හි කෝටි 5 කට අධික සංඛ්‍යාවක් අද (23) පස්වරුව වන විට නරඹා තිබේ.

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ‘යූටියුබ්’හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර එම ගීතය ඉන්දියාව දැඩි ජනප්‍රියතාවක් ලැබීම මේ සඳහා හේතු වී තිබේ. සතිෂාන් රත්නායක මුලින් ගැයූ මේ ගීතය අනතුරුව යොහානි ද සිල්වා ගයනා කළාය.

මෙම ගීතය පිළිබඳ සුප්‍රකට සිනමා නළු අමිතාබ් බච්චන් පවා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කැමැත්ත පළකර තිබිණි. ඉන්දියාවේ රියෑලිටි තරඟවල පවා මෙම ගීතය ගායනා කරනු දැකගත හැකිය. එය වෙනත් භාෂාවලින් ගායනා කරන අවස්ථා ද දැකගත හැකිය. ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මැයි 22 වනදා සිට මේ අවස්ථාව වන විට 52,621,015 දෙනෙකු නරඹා තිබේ.

යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව කොටි ත්‍රාස්තවාදීන්ගෙන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ ප්‍රධානී ලෙස සේවයක් කළ මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වාගේ දියණියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස