රනිල් වික්‍රමසිංහ සමග එකතු වී සජිත් ප්‍රේමදාසට පහර දුන් තිස්ස අත්තනායක සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක බව හිටපු පළාත් සභා මන්ත්‍රී රොඩ්නි ප්‍රෙෂර් පවසයි.
එසේ ම එදා සජිත් ප්‍රේමදාසට විරුද්ධව රනිල් වික්‍රමසිංහට කේලම් කී සරත් ෆොන්සේකා සජබ සභාපති බව ද ඔහු පෙන්වා දෙයි.
සජිත් ප්‍රේමදාස වෙනුවෙන් නොපැකිළිව කටයුතු කළ තමන් සිටින්නේ එළියේ බව ද අවසානයේ කෝපි කඩේ රඟපෑම ද තමන්ට අහිමි වූ බව ද රොඩ්නි ප්‍රෙෂර් සඳහන් කරයි.
මේ වන විට පක්ෂයෙන් විශාල පිරිසක් ඉවත් වෙමින් සිටින බවත් මෙම ඇත්ත කතා කළ නිසා තමන් පක්ෂයෙන් ඉවත් කරන්නේ නම් එය ගැටලුවක් ද නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේග ජන හමුවකට එකතු වෙමිනි.