ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන සතියේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කර ඇත.
එහි දී ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.
පොලිස් බලතල නැතිව එම සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමට සූදානම් වෙයි.