බලය බෙදීම සඳහා දේශපාලන පක්ෂවල එකඟතාව ඉල්ලා සිටීමට පෙර රජය ඒ සඳහා ඉදිරිපත් කරන යෝජනාව රට හමුවේ තැබිය යුතු බව ස.ජ.බ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
පසුගියදා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් හමු වූ අවස්ථාවේදී ප්‍රකාශයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ පූර්ණ එකඟතාව ලැබෙන්නේ නම් පමණක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ හැකි බව ප්‍රකාශ කළේය.
ඒ ගැන සමගි ජන බලවේගයේ මතය විමසූ අවස්ථාවේ ස.ජ.බ. මහ ලේකම් සඳහන් කළේ බලය බෙදීම සඳහා වන යෝජනාව ප්‍රකාශයට පත් කළ පසු ඒ ගැන සිය පක්ෂ මතය ප්‍රකාශ කරන බවයි.