ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්තට සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් තැබීමට පක්ෂය වාරණයක් පනවා ඇතැයි දැනගන්නට තිබේ.
මේ සමග ම කේ.ඩී. ලාල්කාන්ත සිය ෆේස්බුක් ගිණුමේ සටහන් තැබීම සහ අනෙකුත් අය සමග සංවාද කිරීම නවතා දමා තිබේ. මේ වන විට එහි පළවන්නේ පක්ෂයේ ප්‍රචාරක දැන්වීම් පමණි.
ලාල්කාන්ත තැබූ ෆේස්බුක් සටහන් පසුගිය සමයේ මහත් ආන්දෝලනයට ලක්විය. විජය කුමාරතුංග ඝාතනය කළේ ජවිපෙන් නොවන බවට ඔහු සිදුකළ ප්‍රකාශයට උත්තර බැඳ තිබුණේ එවකට ජවිපෙ නායකයෙකු ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක විසිනි.
මේ අතර යූ ටියුබ් නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ලාල්කාන්ත සඳහන් කළේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ෆේස්බුක් සටහන් නොතබා සිටිය නොහැකි දැයි විමසා සිටිය බවය.