රනිල් හදන්නේ යුරෝපීය කතුන් ගෘහ සේවයට එන දියුණු රටක්…! – වජිර…

July 20, 2023 at 3:08 pm | by emanisa.lk

කිසිවෙකු රට භාර නොගන්නා අවස්ථාවක එම අභියෝගය භාරගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව එජාප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික බංකොලොත්භාවයේ අගාධයේ පැවැති රට 2048 වන විට සංවර්ධිත දේශයක් කිරීමේ සැලසුම ජනාධිපතිවරයා සතු බවයි.

එම සැලසුම ක්‍රියාත්මක කොට රට ගොඩනැඟීම සඳහා සියලු පාර්ශ්ව සහයෝගය ලබා දිය යුතු බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

අද මැදපෙරදිග ගෘහ සේවයට කතුන් යවන අපේ රටේ ගෘහ සේවයට යුරෝපීය කතුන් පැමිණෙන යුගයක් රනිල් වික්‍රමසිංහ ගොඩනඟනු ඇති බවට වජිර අබේවර්ධන විශ්වාසය පළ කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් ජාතික ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *