2023 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 2022 වසරේ මුල් මාස 6 තුළ රැස්කර තිබූ බදු ආදායම රුපියල් මිලියන 361,832ක් බවය.
ඒ අනුව මෙම වසරේ මුල් මාස 06දී බදු ආදායම පසුගිය වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 93%කින් වර්ධනය වී ඇති බව එහි සඳහන් වෙයි.
රට තුළ ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තියේ වෙනස සහ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතු බව සඳහන් ය.