ඛනිජ තෙල් සංස්ථාවට බිලියන 43ක ලාභයක්…!

July 11, 2023 at 10:07 am | by emanisa.lk

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2023 වසරේ මුල් මාස 04 තුළ දී රු. බිලියන 43.4 ක ලාභයක් වාර්තා කර තිබේ.

මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව මේ බව පෙන්වා දෙයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ 2022 දෙසැම්බරයේ දී බැරලයකට ඩොලර් 81 ක්ව පැවති ගෝලීය වෙළඳපොලේ බොරතෙල් සාමාන්‍ය ආනයන මිල, 2023 මාර්තු මාසය අවසන් වන විට ඩොලර් 78.5ක් දක්වා පහත වැටී ඇති බවයි.

2023 ජනවාරි – අප්‍රේල් මාස 04 තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති සම්පූර්ණ පිරිවැය ඩොලර් මිලියන 1,599.7 කි. එය සමස්ත ආනයන වියදමෙන් 30% ක් පමණ වේ.

කෙසේවෙතත් මෙම අගය 2022 වසරේ මුල් මාස 04 දී ඉන්ධන ආනයනය සඳහා දරන ලද ඩොලර් මිලියන 1,922.4 ට වඩා 16.8% ක පහළ අගයයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *