තමාට මේ රටේ ජනාධිපති ධුරයට තේරී පත්වීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උදව් අව්‍යශ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විපක්ෂ නායකවරයා ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
“වත්මන් ජනාධිපතිතුමා මටත් ජනාධිපති වෙන්න උදව් කරනවා කියලා තිබෙනවාලු. මගේ විපක්ෂ නායකකම රැකලා දෙනවලු.
මම දන්නවා ඒ අය 2019 ගෝඨාභය රාජපක්ෂත් එක්ක එකතු වෙලා කරපු දේවල්. මට ඒ උදව් ඕනෑ නැහැ. අපි කොතනටද යන්නේ කොතනද නතර වෙනවාද කියා තීන්දු කරන්නේ දේශපාලන ඩීල්වලින් නොවේ.
ඒවා හෙළිදරව් වෙන්නේ ලක්ෂ 220 මතය ප්‍රකාශ කිරීමෙන්. මට නම් අවුරුදු 21ක් විපක්ෂ නායකකමේ ඉන්න අපේක්ෂාවක් නැහැ.”
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (06) දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.