සජිත්ට ජනාධිපති වෙන්න උදව් කරන්න සූදානම්…! – රනිල්…

July 4, 2023 at 9:16 am | by emanisa.lk

රට ගොඩනැගීමට ආණ්ඩුව ගන්නා වෑයමට සහය වුවහොත් තමා බලාපොරොත්තු වන ආකාරයට ජනාධිපති පුටුවට යන්නට විපක්ෂ නායකවරයාට හැකිවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

රට වැටුණු තැනින් ගොඩගත් පසු විපක්ෂ නායකවරයාට ජනාධිපති පුටුව දක්වා යාමේ ගමනට තමා ද සහය වන බව ත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බව කී හෙතෙම රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට තමන් ද දායක වූ බව පෙන්වාදෙමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව ලබා ගැනීමට විපක්ෂය ක්‍රියා කළ යුතු බව ද පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවගේ උපහාරය පුද කරමින් ඊයේ (03) පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “අමරවිරු අභිමන් 32” උපහාර උත්සවය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස