වැට් බදු වංචා කළ බවට චෝදනා කරමින් ප්‍රංශයේ ක්‍රියාත්මක ලයිකා මොබයිල් සමාගමට අනුබද්ධිත සමාගම් දෙකකට යූරෝ මිලියන 10ක වන්දියක් ඉල්ලා අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම වැට් බදු වංචාවෙන් රජයට යූරෝ මිලියන 7.9ක පාඩුවක් සිදුව ඇතැයි රජයේ නීතීඥවරයා දැනුම් දී තිබේ. මෙම මූල්‍ය වංචාවට පුද්ගලයින් 08 දෙනෙකු සම්බන්ධ බවත් ඒ සියලු දෙනා ඉන් ප්රතිලාභ ලබා ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
ලංකාවේ ස්වර්ණවාහිනිය ඇතුළු EAp මාධ්‍ය ජාලය ද ලයිකා මොබයිල් සමාගමේ හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා සතු වන අතර ඔහු ශ්‍රී ලංක ටෙලිකොම් ආයතනය ද මිලට ගැනීමට සූදානම් බවට මාධ්‍ය වාර්තා පළ විය.