බැසිල් ඊළඟ ජනාධිපතිවරණයට…! ඇමරිකානු පුරවැසිකමත් අතහරී…!

July 2, 2023 at 2:35 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දැඩිව ඉල්ලා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එහෙත් බැසිල් රාපක්ෂ ඒ සඳහා තරග කරනවා නම් තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත යුතු වෙයි. ඔහු ඒ පිළිබඳ මේ වන විට සලකා බලමින් සිටින බව ද දැන ගන්නට ඇත.

ඒ අනුව, තම අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන මුලින් ම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ඉන්පසුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ වනු ඇතැයි වාර්තා වෙයි.

මීට පෙර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ නැවත සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්ව එම අවස්ථාව බැසිල් රාජපක්ෂට ලබා දීමට සූදානම් බව ද දැන ගන්නට තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මෙවර ද පාර්ලිමේන්තුවට පැමිණෙනවා නම් ඒ සඳහා තම ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන ලබා දීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සූදානමින් සිටින අතර තවත් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගණනාවක් ඒ සඳහා සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයින් පසුගිය සතියේ දී පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡා වට කිහිපයක් ම පවත්වා ඇති අතර ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු ඉදිරිපත් කළ යුතු බව එහි දී අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *